වගා ළිඳකට වැටී දරුවෙක් මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක පිරිමි දරුවෙක්.
ඊයේ (31) පස්වරුවේ පොල්පිතිගම, පතිරැන්නේගම ප්‍රදේශයේ පිහිටි වගා ළිඳකට වැටී ඇති මෙම දරුවා ප්‍රතිකාර සඳහා පොලිපිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දරුවා තනිවම සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස අනාරක්ෂිත ලෙස සකසා තිබූ වගා ළිඳට වැටී ඇති බවට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





