වගා හානි සනාථ කරන්නේ නම් වන්දි ලබාදීමට සූදානම්

වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා ගොවීන් විසින් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය විසිනුයි එම මුදල ගෙවනු ලබන්නේ.

නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6,400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම් වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකි වනවා.

ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ.

2021 මහ කන්නයේ දී වගා හානි වූ ගොවින්ට රජය විසින් වගා හානි වන්දි යටතේ රුපියල් රුපියල් මිලියන 1570ක් මේ වනවිට ගෙවා තිබෙනවා.

වගා හානි සිදුවන බෝග වර්ග 06කට රජය විසින් අක්කරයකට රුපියල් 40,000ක් බැගින් වන්දි මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ආරම්භ කරන ලද මෙම වන්දි ක්‍රමය යටතේ වී, මිරිස්, බඩඉරිඟු, ලූනු හා අර්තාපල් හා සෝයා බෝංචි සඳහා එම මුදල් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 මහ කන්නයේ දී ගොයම් කහ පැහැතිවීම ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දෙන වන්දි මෙන්ම හානි සිදුවී ඇති සමස්ත කුඹුරු ප්‍රමාණය සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?