spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වගා නොකළ කුඹුරු ඉඩම් රජයට පවරා ගෙන වගා කිරීමට තීරණයක්

වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට තීරණය කර ඇතිබව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අප රටේ මෙතෙක් වගා කර නොමැති කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයක් පමණ ඇති බවත්, 2023 වසරේ දී එම සියලු කුඹුරු ඉඩම් රජයට වසර පහක් යන තෙක් පවරා ගැනීමට තීරණය කර ඇතැයි ඔහු පැවසුවා.

රජය විසින් රටේ සෑම වගා නොකළ ඉඩමක්ම වගා කිරීමට තීරණය කර ඇති බැවින් මෙම පුරන් කුඹුරු සියල්ල වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට හැකි වන පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වසර පහකට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාල ඉඩම් වගා කළ පිරිස් සමග එකඟතාවයක් යටතේ අවශ්‍ය නම් වගා කිරීමට හැකි වන අතර වගා නොකරන්නේ නම් ඉඩම් අයිතිකරුවන්ට බිම් කුළිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගැනේ.

මෙතෙක් වගා නොකර පුරන් කුඹුරු අයිතිකරුවන්ම නැවත වගා කරන්නේ නම් ගැටලුවක් නොමැති අතර වගා නොකරන්නේ නම් එම ඉඩම් අනිවාර්යයෙන්ම රජයට පවරා ගෙන වගා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?