Empty Ad
Empty Ad
 Empty Ad

ලෝක සාමය වෙනුවෙන් අගමැති මෝදි හඬ නැගීම භික්ෂූන් වහන්සේගේ ප්‍රශංසාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලෝකයේ සාමය සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලඩාක්හි බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

ඉන්දියාවේ බෞද්ධ ස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැතිවරයාට භික්ෂූන් වහන්සේ සිය ස්තූතිය පළ කර තිබුණේ ලඩාක් හි සංවිධාන කරන ලද සාම පාගමන අවසානයේ පැවති උත්සවයේ දීයි.

තුන්දින ලෝක සාම සමුළුව සහ සාම පාගමන ලඩාක් නුවරදී සංවිධාන කර තිබුණේ සාමය සහ සහජීවනය පැතිරවීමේ අරමුණින්.

එහිදී කරුණු 10කින් යුත් ලඩාක් සාම ප්‍රකාශයකට ද අත්සන් තැබුණා.

ලෝකයේ සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කරමින් එකමුතුකමේ පණිවිඩය ප්‍රචාරය කිරීම එහි අරමුණයි.

වර්තමාන ලෝක යුද්ධ, ත්‍රස්තවාදය, කැලඹීම් සහ විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වය, සිවිල් යුද්ධ සහ අභියෝග, ලෝකය නොසන්සුන්තාවකට, අවිශ්වාසයකට සහ ආතතියට ඇද දමා තිබෙනවා.

සියලුම ලෝක බලවතුන්, ස්වභාවික සම්පත්, ආගමික ප්‍රශ්න සහ සෑම කුඩා දෙයකටම ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි.

මෙය මානව වර්ගයාගේ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් සාමයේ සහ සහජීවනයේ වැදගත්කම මෙවැනි අවස්ථාවලදී තවත් ඉහළ යන බවත් සමුළුවේදී අවධාරණය කෙරුණා.

සමුළුවේ විශේෂත්වය වූයේ විවිධ රටවල ගුරුවරුන් සහ කීර්තිමත් විද්වතුන් එක්රැස් වී ජාත්‍යන්තර එක් වේදිකාවක දී ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමයි.

මෙම සමුළුවට රටවල් හතක පමණ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් සහභාගි වූ අතර, බෞද්ධ දර්ශනය සහ මතවාදය ආධාරයෙන් සමකාලීන ගෝලීය අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව  සාකච්ඡා කෙරුණා.

ලඩාක්හි මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට තායිලන්තය, නේපාලය, වියට්නාමය, ශ්‍රී ලංකාව, භූතානය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල නියෝජිතයින් ද ඇතුළත්ව සිටියා.

ඉන්දීය සුළු ජන පදනමේ කැඳවුම්කරු Satnam Singh Sandhu ඇතුළු විවිධ ආගමික නායකයින්, බැතිමතුන් සහ කීර්තිමත් විද්වතුන් 2,500ක් පමණ සමුළුවට සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23

?