spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර සාගර දිනයේ තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.

මෙවර සාගර දිනයේ, අන් කවරදාටත් වඩා අපට සී ඔෆ් ශ්‍රී ලංකා අපේ මුහුදු කලාපය ගැන අවධානය යොමු කළ යුතු වන්නේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සමග මුහුදකට එකවර විශාලතම ප්ලාස්ටික් තොගය මුදාහැරි රට අප වීම හේතුවෙනි. අවුරුදු දෙකකට කලින් සිදුවුණ මේ විනාශයෙන් මුහුදට එකතුවුණ ප්ලාස්ටික් පබලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1680 කි.

සමස්ත පෘථිවි ගෝලයෙන් ගොඩ බිමට හිමිවන්නේ 29% යි. අනෙක් 71% ක ආධිපත්‍ය ජල ගෝලයට හිමිවෙයි. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත්, මිනිස් පරිභෝජනයට ගත හැක්කේ 0.3% ක් තරම් අඩු ජල ධාරිතාවකි.

ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97% ක් ම කරදිය ලෙස සාගරයේ ඇත. පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ මේ සුන්දර සාගරය තුළයි. සාගරයේ පැවැත්ම, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයකි.

අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් 50% – 85% ප්‍රමාණයක් සාගරයෙන් හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් 30% ක් අවශෝෂණය කර ගන්නේ ද සාගරයයි. පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙසද මහා සයුර හැඳින්වීම වරදක් නැත.

අද වනවිට බරපතළ තර්ජනයකට ලක්ව තිබේ. මින් ප්‍රබලතම තර්ජනය ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි. ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 0.24 ත් 0.64 ත් අතර වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?