ලෝක ශූරයෝ ගෙදර එයි (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලායේ ශූරතාව දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායම කටාර් දේශයේ සිට යළි සිය මව්ටර බලා අද (20) අලුයම පැමිණියා.

යළි මව්බිමට පැමිණි ලෝක ශූරයින් පිළිගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරට එක්රොක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නායක ලියනල් මෙසී ප්‍රථමයෙන් ගුවන් යානයෙන් බැස රන් කුසලානය ඉහළට ඔසවා සිය මව්බිම ලැබූ මෙම අතිවිශිෂ්ඨ ජයග්‍රහණය ආර්ජන්ටිනානු වැසියන් වෙත පුදකරන්නට අමතක කළේ නැහැ.

මෙහිදී ලියනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, සිය මව්බිම ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය සමඟ එරට වැසියන් විවිධ සැමරුම් සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

මේ අතර, පාපන්දු ලෝක ශූරයින් වෙනුවෙන් හෙට ජාතික නිවාඩු දිනයෙක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගත් ක්‍රෝඒෂියානු කණ්ඩායමත් යළි සිය මව්බිමට පැමිණි අතර, එහිදි ඔවුන්ව පිළිගන්නට විශේෂ සැමරූම් උත්සවයක් සංවිධාන කර තිබුණා.

36 වසරකට පසු ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක් දිනා දීමට පුරෝගාමියා වූ ලියනල් මෙසී, බී.බී.සී. පුවත් සේවය මඟින් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා පෞරුෂය හිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30