AFC Banner
Empty Ad
Empty Ad

ලෝක වාර්තාවක් සමඟ මවගේ කුසින් එළියට ආ පුංචි පැංචා

උපතින් ලොව කුඩාම දරුවා ලෙස සැලකෙන, ක්වෙක් යූ ෂුවාන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා ඉන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම දරුවා මාස 13ක කාලයක් අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ. 
දරුවාගේ උස සෙන්ටිමීටර් 24 ක් බව ද සඳහන්. එමෙන්ම උපතේ දී ඔහුගේ බර ග්‍රෑම් 212ක් ලෙස සටහන් වූ බවයි රෝහල් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. අදාළ දරුවාව සති 25 ක් වැනි කාලයකින්  ප්‍රසූත වී ඇති  බව ද සඳහන්. 2018 වසරේදී ග්‍රෑම් 245ක් බරැතිව උපත ලැබු අමෙරිකානු දැරියක් ලොව කුඩාම දරුවාට හිමි වාර්තාව තමන් සතු කරගෙන සිටියා. සුවය ලබා රෝහලින් පිටත්ව යන විට යූ ෂුවාන්ගේ බර කිලෝග්‍රෑම් 6.3ක ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
193
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?