ලෝක රූ රැජිණ කිරුළ දිනූ කවුද මේ සුන්දර ඔපල් සුචතා (ඡායාරූප)

72 වන ලෝක රූ රැජිණ තරගය ඊයේ (31) රාත්‍රියේ හයිද්‍රාබාද් හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා.

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ ඔපල් සුචතා චුවාංස්රිට හැකියාව ලැබුණා.

කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ සමබරතාවය, විශ්වාසය සහ කැපවීම තුළින් ඇය මෙම කිරුළ දිනා ගත්තා.

22 හැවිරිදි ඔපල් සුචතා ලොව පුරා තරඟකරුවන් 100 කට වැඩි පිරිසක් අභිබවායමින් මෙම කිරුළ ජයග්‍රහණය කිරීම විශේෂත්යක්.

ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරෙජේ ඇඩ්මාසු 72 වන ලෝක රූ රැජිණ තරගයේ අනුශූරතාව ජයග්‍රහණය කළා.

මෙවර ලෝක රූ රැජින කිරුළ දිනූ ඔපල් සුචතා2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලබා ඇති අතර, ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවක් ද වනවා.

2024 වසරේ දී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනිමින් ඔපල් සුචතා 72 වන ලෝක රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වුණා.

මේ වනවිට තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින ඇය ත්‍රයිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව සුරතල සතුන්ට දැඩිලෙස ආදරය දක්වන තැනැත්තියක් වන ඇය සතුව බළලුන් දහසය දෙනෙකු සහ බල්ලන් පස් දෙනෙකු සිටිනවා.

එමෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශිෂ්‍යාවක් වන ඔපල් සුචතා තානාපතිවරියක් වීමට කැමැත්තෙන් පඩුවන බවයි පවසා ඇත්තේ.

ඔපල් මනෝවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අතරම, ඇය පියයුරු පිළිකා වෙනුවෙන් සටන් කරන සංවිධාන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහයෝගය දක්වන තැනත්තියක් ද වනවා.

මේ අතර සති ගණනාවක් පුරා අංශ කිහිපයක් ඔස්සේ පැවති 72 වන ලෝක රූ රැජිණ තරගයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2024 ලෝක රූ රැජින ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ජයග්‍රාහිකාව වූ ඔපල් සුචතා චුවාංස්රිට කිරුළු පළඳවනු ලැබුවා.

GsUOmiMaoAAgPbW
GsSuQKAaMAQzPep
GsSnqCibIAA70Rv
250531 Opal Suchata Chuangsri ch 1440 8617fd
GsTMPV aMAAtgzy
GsS1LLVbcAAWCHa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
174
+1
19
+1
53
+1
7
+1
12
+1
12
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?