ලෝක මානසික සෞඛ්‍යය දිනය අදයි

ලෝක මානසික සෞඛ්‍යය දිනය (World Mental Health Day) අද දිනට යෙදී තිබෙනවා.

ඔක්තෝබර් 10 එනම්; අද දිනයේ දී ගෝලීය ප්‍රජාව විසින් මානසික සෞඛ්‍ය දිනය සැමරීම සිදු කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ තේමාව ලෙස සටහන් කර ඇත්තේ; “Our minds, our rights” යනුවෙන්.

එය “අපේ මනස, අපේ අයිතිවාසිකම්” ලෙස විග්‍රහ කළ හැකි වනවා.

2023 ලෝක මානසික සෞඛ්‍ය දිනය යනු ප්‍රජාව අතර දැනුම වැඩි දියුණු කිරීම, දැනුවත් කිරීම සහ විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස සෑම කෙනෙකුගේ ම මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාවන් මෙහෙයවීමට ‘මානසික සෞඛ්‍යය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට වැඩි අවධානයක් යොමු කරන දිනයක් ලෙසයි WHO පිළිගෙන ඇත්තේ.

සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ ආයු කාලය වැඩි කාලයක් රඳා පැවතීමට අනිවාර්‍යයයෙන් ම හොඳින් පැවතිය යුතු පාර්ශ්ව ද්විත්වය වන්නේ මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍යය ලෙසටයි වෛද්‍යවරුන් පිළිගන්නේ.

මෙයිනුත් වැඩි වශයෙන් මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක තිබීම අත්‍යවශ්‍ය ම සාධකයක්.

පුද්ගලයෙක් ශරීර සෞඛ්‍යයෙන් කෙතරම් පිරිහුණ ද, ඔහු හෝ ඇයගේ මානසික මට්ටම සතුටින් සහ සාමකාමී ව පවතින තාක් කල් ඔහු නිරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට වාසනාවන්ත වනවා.

මානසික සෞඛ්‍ය පිරිහී ගිය කළ මිනිසුන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් මගහැරෙන අතර, ජීවිතය ගැන කලකිරීම් පවා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.

ලෝකයේ 2019 වර්ෂය වන විට වාර්ෂික ව රට තුළ සිදු වන සියදිවි නසාගැනීම්වලින් වැඩිම තිබූ රට වූයේ අසල්වාසී ඉන්දියාවයි.

දෙවැනි තැන චීනයටත්, තෙවැනි තැන අමෙරිකාවටත් හිමි ව තිබුණා.

2023 වර්ෂයට අනුව සියදිවි නසා ගැනීම් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛයා බවට පත් ව ඇත්තේ දකුණු අප්‍රිකානු එක් කුඩා රාජ්‍යය කොටසක් වන Lesotho යි.

එය වාර්ෂික ව සිදු වන සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව 100,000ක් වන අතර, ප්‍රතිශතාත්මක ව එය 87.48%ක්.

මානසික ව්‍යාකූලතාව හේතුවෙන් ලෝකයේ වසරකට ලක්ෂ 07ක සංඛ්‍යාවක් සියදිවි නසාගැනීම් සඳහා යොමු ව ඇති අතර, මෙම මානසික පීඩාවෙන් දුක් විඳින්නේ බොහෝ විට වයස අවුරුදු 15-29ත් අතර තරුණ පරපුර බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට 2023 වන විට ලෝක සියදිවි නසා ගැනීම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ හිමි ව ඇත්තේ 34 වැනි ස්ථානයයි.

මානසික සෞඛ්‍ය මට්ටම පිරිහී යාම මත විශාදය (Depression), සාංකාව සහ කාංසාව (Anxiety and stress) සහ සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වීමේ අවදානමක් පවතිනවා.

එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඕනෑම අයෙකුගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත් මට්ටමක පැවතීම ජීවිතයේ වැඩි ආයු කාලයකට හේතුවක් වන බවයි.

මානසික සෞඛ්‍යය සියලු මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර, පෞද්ගලික ජීවිතයේ දී මෙන් ම, වෘත්තීය ජීවිතයේ දී ම තම තමන්ගේ මානසික යහපැවැත්ම වෙනුවෙන් සටන් කිරීමේ හැකියාවක් ඇති බව ද ලෝක මානසික සෞඛ්‍ය යෙදී ඇති අද දිනය සැමරීම යටතේ සිහිපත් කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41