ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක (ඡායාරූප)

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත වුණා.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්ව සිටියා.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන ඇතුළු පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.

World Bank 4
World Bank 1
World Bank 3
World Bank 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?