Empty Ad
AFC Banner
Empty Ad

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටන තීරණය කෙරෙන බලාපොරොත්තුවකට ශ්‍රී ලංකාව සූදානමින්

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටනට පිවිසීම සඳහා ශක්තිමත් බලාපොරොත්තුවක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (27) සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

හෙට තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී ආරම්භ වන්නේ දහවල් 1ටයි.

මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ටෙස්ට් තරග 09න් 05ක් දිනා ඇති අතර පරාද වූ තරග ගණන 04ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 60ක් හිමිකරගෙන ඇත්තේ ජයග්‍රාහී සාමාන්‍යය 55.56ක් බවට පත් කරගනිමින්.

එම ලැයිස්තුවේ පළමු තැන ඉන්දියාවටත් දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත් හිමිව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දකුණු අප්‍රිකාව පස්වැනි තැන සිටින්නේ පැවති තරග 07න් තරග 04ක් ජයගනිමින්.

දකුණු අප්‍රිකාවේ ජයග්‍රාහී වේගය දැක්වෙන්නේ 54.17ක්.

2019 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ම මව්බිමේ දී පරාජයට පත් වුණු අතර එලෙස ඔවුන්ගේ උපන් බිමේ දී ම දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයකින් පරාජය කළ පළමු ආසියානු කණ්ඩායම වූයේ ද ශ්‍රී ලංකාවයි.

එම ජයග්‍රහණයට උර දුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් 07 දෙනෙකු ද මෙවර තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් එක් ව සිටීමත් විශේෂයි.

එම ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2-0ක් ලෙස ජය ගත්තා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 09ක් පමණයි.

තරග 16ක ම ජය දකුණු අප්‍රිකාව සතු වී තිබෙනවා.

තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ශ්‍රී ලංකාව මව්බිමේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 06ක් ද දකුණු අප්‍රිකාව 13ක් ජයගෙන සිටිනවා.

මව්බිමෙන් පිටත දෙපාර්ශ්වය ම ටෙස්ට් තරග 03 බැගින් ජයගෙන තිබීමත් කැපී පෙනෙනවා.

එබැවින් හෙටින් ඇරඹෙන ටෙස්ට් තරගාවලියට තරග 02ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?