කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමේ කටයුතු කිරීම අද දින තෙක් නවතියි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද (02) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය ඊයේ (01) නියෝග කළා.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කරනු ලැබූ බවයි අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඒ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින්ගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියක් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සිය සේවා දායකයින්ගේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම් භාර නිලධාරීන් ගැන ලැබූ තීරණය නීතියට පටහැනි බවත් තර්ක කළා.

සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඇතුළු නීතිඥවරු පිරිසක් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිය සේවාදායකයින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවයි.

මෙම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ඇතැම් පෙත්සම් සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් මූලික විරෝධතා ද මතු කරනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අද (02) දින කැඳවන ලෙස නියම කළා.

ඒ අනුව මෙම නඩුවලට පාදක වන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අද දින තෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියම කෙරුණා.

පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

එබැවින් එම තේරීම් භාර නිලධාරීන්ගේ තීරණය අවලංගු කොට අදාළ නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30