ලැබූ ජයෙන් පන්ජාබ්වරුන් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට – ගුජරාට් ටයිටන්ස් හා රෝයල්වරුන් අද පිටියට

ලක්නව් සුපර් ජෑන්ට්ස් පරදා කඩුලු 08කින් තරගය ජය ගන්නට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

ලක්නව් නුවර දී ඊයේ (01) රාත්‍රියේ දී තරගය ආරම්භ වූයේ කාසියේ වාසිය පන්ජාබ් කින්ග්ස් වෙත පිරිනමමින්.

කෙසේවෙතත් පළමු ව පන්දු යැවීම සුදුසු යැයි තෝරාගත් පන්ජාබ්වරුන්ගේ ඇරයුම මත ලක්නව් සුපර්වරුන් පිතිකරණයට පැමිණියා.

සිය නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම ලකුණු 171ක් ලබා ගත්තා.

නිකලොස් පූරාන් ලකුණු 44ක් සහ අයුෂ් බඩෝනි ලකුණු 41යි.

කඩුලු බිඳ දැමීමේ දී අර්ෂදීප් සින්ග් කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් ග්ලේන් මැක්ස්වෙල්, මාර්කෝ ජැන්සන්, චහල් සහ ෆර්ගසන් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් කඩුලු 02ක් පමණක් බිඳ වැටී තිබියදී ලකුණු 177ක් ලබා තරගය ජයගත්තා.

Prabhsimran Singh ලකුණු 69ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ශ්‍රියාර්ස් අයියර් නොදැවී ලකුණු 52ක් ලබාගත් අතර නෙහාල් වඩේරා නොදැවී ලකුණු 43යි.

තරගයේ වීරයා සම්මානය Prabhsimran Singh හිමිකරගත්තා.

මෙම තරගය ජය ගැනීමත් සමග පැවති තරග 02ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 04ක් සමගින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වීමට ද සමත් වුණා.

මේ අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 තරගාවලියේ 14 වැනි තරගය ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු අතර ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08