ලෝක ටෙස්ට් ශූරතාවේ මුල් කණ්ඩායම් 02 අතරට පැමිණීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දැල්වේ

සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව අද තවත් වාර්තා ගත ටෙස්ට් තරගවලි ජයක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව අද දිනයේ තරග දෙකට බිංදුවක ටෙස්ට් ජයක් සම්පූර්ණ කළ අතර, ගාල්ලේ පැවැති පළමු තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගය ඉනිමකින් සහ ලකුණු 154 කින් නවසීලන්තය පරාජය කළා.

ඒ, අනුව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ විශාලතම ජයග්‍රහණයක් මෙලෙස හිමිකර ගැනීමට සමත් වුණා.

නවසීලන්තය පරදා ලැබූ මෙම තරගාවලි ජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන දෙකට පැමිණීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවත් දැල්වුණා.

මේ වනවිට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පිළිවෙලින් ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටිනවා.

තරගාවලි ජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 55.56 දක්වා ඉහළ ගියා.

ඒ, අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉතිරි කාලය තුළ; ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට දෙවන තැන රැඳී සිටින ඕස්ට්‍රේලියාව (PCT 62.50) ඉවත් කිරීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

එළඹෙන නොවැම්බරයේ ආරම්භ වන බෝඩර්-ගවස්කාර් කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව තරඟ කිරීමට නියමිත අතර, එම තරග මාලාවේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශූරතාවේ ඉරණම ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ටෙස්ට් තරග 04ක් ඉතිරිව ඇති අතර, ඔවුන් මේ වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී තරග දෙකකට එක්වීමට නියමිතයි.

ඊට අමතරව ලබන වසරේ ජනවාරි-පෙබරවාරි මාසවල දී ඕස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේ දී ටෙස්ට් තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දෙක අතර පැමිණීමට ශ්‍රී ලංකාව, ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට වඩා ඉහළ ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගත යුතු වනවා.

ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ ඉන්දියාවට වඩා පහළින් සිටින බැවින් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව අභිබවා යාම වඩාත් පහසු වනු ඇති.

ඕස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාවට යෙදී ඇති ටෙස්ට් තරගාවලිය සිය මව්බිමේ දී පැවැත්වීම ශ්‍රී ලංකාවට අමතර වාසියක් ද වනවා.

ඒ, අනුව මෙවර ලෝක ටෙස්ට් ශූරතාවේ මුල් ස්ථාන දෙක අතරට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් පවතිනවා.

03 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
46
+1
2
+1
9
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53