ලෝක ජල දිනය අදයි

ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා.

“ග්ලැසියර සුරකිමු” යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුව 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සමරනු ලබනවා.

ලොව පුරා සිටින පුද්ගලයින්ගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා ග්ලැසියර සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව පේනවා දෙන යුනෙස්කෝ සංවිධානය තිරසාර ග්ලැසියර කළමනාකරණය සහ අධීක්ෂණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම තුළින්, පෘථිවියේ මිරිදිය ජලයෙන් ආසන්න වශයෙන් 70% ක් තවමත් රඳවාගෙන සිටින මෙම ශීත කළ ජලාශ මානව වර්ගයාට ආරක්ෂා කළ හැකි බවයි පවසන්නේ.

පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර, ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් සිය ජල අවශ්‍යතා සපුරාගන්නේ ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් බවයි එක්සත් ජාතීන්ගේ දත්ත පේනවා දෙන්නේ.

කෙසේ වෙතත් ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්ම වූ පිරිසකට පිරිසිදු පානීය ජලය හිමි නොවන බව ද එම වාර්තාවල දැක්වෙනවා.

මේ අතර ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක් හෝ බරපතල ජල හිඟයකට මුහුණ දෙන බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙරට ජනගහනයෙන් පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ 62% ක පිරිසකට බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07