ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා.
“ග්ලැසියර සුරකිමු” යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුව 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සමරනු ලබනවා.
ලොව පුරා සිටින පුද්ගලයින්ගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා ග්ලැසියර සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව පේනවා දෙන යුනෙස්කෝ සංවිධානය තිරසාර ග්ලැසියර කළමනාකරණය සහ අධීක්ෂණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම තුළින්, පෘථිවියේ මිරිදිය ජලයෙන් ආසන්න වශයෙන් 70% ක් තවමත් රඳවාගෙන සිටින මෙම ශීත කළ ජලාශ මානව වර්ගයාට ආරක්ෂා කළ හැකි බවයි පවසන්නේ.
පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර, ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් සිය ජල අවශ්‍යතා සපුරාගන්නේ ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් බවයි එක්සත් ජාතීන්ගේ දත්ත පේනවා දෙන්නේ.
කෙසේ වෙතත් ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්ම වූ පිරිසකට පිරිසිදු පානීය ජලය හිමි නොවන බව ද එම වාර්තාවල දැක්වෙනවා.
මේ අතර ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක් හෝ බරපතල ජල හිඟයකට මුහුණ දෙන බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මෙරට ජනගහනයෙන් පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ 62% ක පිරිසකට බවයි අනාවරණය වී ඇත්තේ.