ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට දුරකථන ඇමතුමක්

20-20 ලෝක කුසලානය දිනූ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා උදෑසන දුරකථනයෙන් අමතා තිබෙනවා.

එහිදී 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම පිළිබඳව සමස්ත කණ්ඩායමට සුබ පැතුම් එක්කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහිත් ෂර්මාගේ විශිෂ්ට නායකත්වයට මෝදි සුබ පතා ඇති අතර, ඔහුගේ විස්සයි විස්ස දිවිය අගය කළ බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

අවසන් මහා තරගයේ දී විරාත් කෝලිගේ ඉනිම මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ දායකත්වය පිළිබඳව ද ඔහුට අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කර තිබෙනවා.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ හර්දික් පාණ්ඩ්‍යා සහ හතරේ සීමාවේ දී ලබා ගත් විශිෂ්ට උඩපන්දුව වෙනුවෙන් සූර්යකුමාර් යාදව්ව අග්‍රාමාත්‍ය මෝදි විසින් මෙහිදී අගයකර ඇති බව සඳහන්.

එමෙන්ම වේග පන්දු යවන ජස්ප්‍රීට් බුම්රා තරගාවලියේ දී ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කර තිබෙනවා.

මේ අතර එම දුරකථන ඇමතුමේ දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කළ දායකත්වය වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට ස්තුතිය පුද කිරීමට ද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සිය දෙවන 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි සිය නිල එක්ස් ගිණුමට වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මුළු ජාතිය වෙනුවෙන්ම සුබ පැතුම් එක්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
2
+1
4
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?