ඉන්දියාවට එරෙහි ව ඇෆ්ගනුන් අද පිටියට – ඊයේ තරගයෙන් එංගලන්තයට ජය

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 9 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර යි.

මෙම තරගය අද පස්වරු 2ට දිල්ලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් හොබවනු ලබනවා.

හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගන් කණ්ඩායම මෙහෙයවනවා.

මේ අතර ඊයේ පැවති 7 වැනි තරගයෙන් පළමු ලෝක කුසලාන තරග ජය ලබන්නට එංගලන්තය සමත් වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තයෙන් හිමි වූ අභියෝගගත ලකුණු පුවරුව 364ක්.

විශිෂ්ට ඉනිමකට වගකියූ ඩේවිඩ් මලාන් ලකුණු 140ක් ලබාගත්තා.

රූට් ලකුණු 82යි.

බෙයාර්ස්ටෝගෙන් අර්ධ ශතකයක් හිමිවුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

ලිට්න් දාස් ලකුණු 76ක් සහ රහීම් 51ක් රැස් කළා.

කඩුලු බිඳ හෙලීමේ දී එංගලන්ත ඉනිම වෙනුවෙන් Reece Topley කඩුලු 04ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 02ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් බිඳ දැමුවේ සෑම් කරන්, මාර්ක් වුඩ්, ඇඩිල් රෂීඩ් සහ ලියෑම් ලිවින්ග්ස්ටෝන් හට යි.

එංගලන්තය තරගය ජයගත්තේ ලකුණු 137ක් ඉදිරියෙන් සිටිමින්.

තරගයේ වීරයා සම්මානය මලාන් විසින් දිනාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?