ලෝක කුසලානයේ ඉන්දියාවේදී පැවැත්වෙන තරග බංගලාදේශය වර්ජනය කරයි ?

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන පෙබරවාරි මාසයේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වනවා.

ලෝක කුසලානය සඳහා තරග වදින රටක් වන බංගලාදේශය සහ සත්කාරකත්වය දරන ඉන්දියාව අතර මේ වන විට මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

හින්දු ජාතිකයන්ට එරෙහිව බංගලාදේශය තුළ ප්‍රචන්ඩකාරී ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟ දෙරට අතර මතබේදාත්මක තත්ත්වයක් ඔඩුදුවනු ලැබුවා.

ඒ අනුව බංගලදේශය සහ ඉන්දියාව අතර නිර්මාණය වෙමින් පවතින මතබේදාත්මක ගැටළු ක්‍රිකට් පිටියේ ද අර්බුදකාරී තත්ත්ව ඇති කරමින් පවතිනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මිලදී ගනු ලැබූ බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කර තිබු ඉල්ලීමකට අනුව එම කණ්ඩායමෙන් ඉවත්කර තිබුණා.

මේ තත්ත්වය මත බංගලාදේශය සඳහා එළඹෙන ලෝක කුසලානයේ දී ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් බංගලාදේශයේ තරග ඉන්දියාවේ පැවැත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
21
+1
1
+1
2
+1
1
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?