ලෝක කුසලානයේ ඉන්දියාවේදී පැවැත්වෙන තරග බංගලාදේශය වර්ජනය කරයි ?

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන පෙබරවාරි මාසයේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වනවා.

ලෝක කුසලානය සඳහා තරග වදින රටක් වන බංගලාදේශය සහ සත්කාරකත්වය දරන ඉන්දියාව අතර මේ වන විට මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

හින්දු ජාතිකයන්ට එරෙහිව බංගලාදේශය තුළ ප්‍රචන්ඩකාරී ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟ දෙරට අතර මතබේදාත්මක තත්ත්වයක් ඔඩුදුවනු ලැබුවා.

ඒ අනුව බංගලදේශය සහ ඉන්දියාව අතර නිර්මාණය වෙමින් පවතින මතබේදාත්මක ගැටළු ක්‍රිකට් පිටියේ ද අර්බුදකාරී තත්ත්ව ඇති කරමින් පවතිනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මිලදී ගනු ලැබූ බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කර තිබු ඉල්ලීමකට අනුව එම කණ්ඩායමෙන් ඉවත්කර තිබුණා.

මේ තත්ත්වය මත බංගලාදේශය සඳහා එළඹෙන ලෝක කුසලානයේ දී ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් බංගලාදේශයේ තරග ඉන්දියාවේ පැවැත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

  1. ඉන්දියාව කියන්නේ ක්‍රිකට් ලෝකේ ගූ හට්ටිය. කිසිම රටක් එක්ක සුහදත්වයක් නෑ. ඔසියෝ ක්‍රීඩාවේදී ආක්‍රමණශීලී උනාට ග්‍රවුන්ඩ් එකෙන් එලියේ ප්‍රශ්න ඇතුළට ගෙනිච්චේ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42