AFC Banner
AFC Banner
Empty Ad

ලෝක කුසලානයට එන ‘බ්ලැක් කැප්ස්’ සංචිතය නම්කෙරේ (වීඩියෝ)

ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වනවිට නම්කර ඇති බව වාර්තා වනවා.

මෙම සංචිතය සඳහා මාස ගණනාවකට පසු කෙන් විලියම්සන් කැඳවා ඇති අතර, සංචිතයේ නායකත්වය ද ඔහුට හිමිව තිබෙනවා.

නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ දී ආබාධයකට ලක් වූ විලියම්සන්ට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

මේ අතර විලියම්සන් සමඟ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ද ඔවුන්ගේ සිව්වන ලෝක කුසලානය සඳහා පෙනී සිටීමට නවසීලන්ත සංචිතයට නම්කර තිබෙනවා.

මේ අතර සංචිතයේ එකම කඩුලු රකින්නා ලෙස ටොම් ලේතම් තෝරා ගැනීමත් සමඟ, තරුණ මුල්පෙළ පිතිකරු ෆින් ඇලන්ට හෝ පසුපෙළ පිතිකරුවෙකු හා කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆර්ට සංචිතයේ ඉඩක් වෙන් නොවීම විශේෂත්වයක්.

එමෙන්ම පසුගියදා නවසීලන්ත එංගලන්ත සංචාරයේ දී මස්පිඬු ආබාධයකට ලක්වූ ඇඩම් මිල්න්ටද මෙම සංචිතයේ ස්ථානයක් අහිමිව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය අරඹමින් නවසීලන්තය, එංගලන්තය සමඟ ඔක්තෝම්බර් 05 වනදා තරග බිමට පිවිසීමට නියමිතයි.

නවසීලන්ත සංචිතය,

කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිච් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති, විල් යන්ග්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?