AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ ලොකුම පවුලේ පියා මිය යයි

ලෝකයේ විශාලතම පවුල යැයි විශ්වාස කරන චානා පවුලේ පියා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ජීවත් වූ බහු භාර්යා සේවයේ යෙදී සිටි ආගමික නිකායක ප්‍රධානියෙකු වූ සියෝනා චනා මිය ගොස් තිබුණේ පසුගිය 12 වැනිදායි.

මෙලෙස මිය ගිය සියෝනා චනා හට බිරිඳෑවරුන් 38ක් දරුවන් 89ක් සහ මුනුබුරු මිනිබිරියන් 36 ක් සිටිනවා.

සියෝනා චනා මිය ගිය බවට මිසෝරාම් ප්‍රාන්ත මහ අමාත්‍යවරයා විසින් ට්විටර් සටහනක් හරහා තහවුරු කර තිබුණා.

චනා දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. ඔහු මිය යන විට 76 වැනි වියේ පසු වූ බව සඳහන්.

වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ මිසෝරාම් තිබූ චනාගේ නිවසේ දී ඔහුට අසාධ්‍ය වී තිබුණු බවත්, පසුව ඔහුව රෝහල් ගත කළ පසුව මිය ගොස් තිබුණු බවයි.

චනාගේ මෙම ලොකු පවුල පිළිබඳව විවිධ මතයන් පවතින අතර ඔහු සැබෑවටම මෙම පවුලේ ප්‍රධානියා ලෙස සිටියාද යන්න පිළිබඳවත් කතාබහක් පවතී.

කෙසේ වෙතත් චනාගේ මෙම පවුල  මිසෝරාම් ප්‍රාන්තයට විශාල සංචාරක ආරක්ෂණයක් හිමි කර දීමට සමත්ව තිබුණු බව නම් සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?