AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්

කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා කරන්නට ඉන්දියාවේ ප්‍රාන්තයක් සමත් වෙලා.

ඒ ඉන්දියාවේ දුගීම ප්‍රාන්තයක් විදිහට හඳුන්වන බිහාර් ප්‍රාන්තය තුළ පමණක් අද (10) දිනයේ දී මරණ හයදහසක් (6000ක්) වාර්තා වෙලා තිබෙනවා.

මීට පෙර දිනක් තුළ වැඩිම මරණ වාර්තා වෙලා තිබුණේ ඇමෙරිකාවෙන්. ඒ පසුගිය පෙබරවාරි මාසයේ 12 වැනිදා මිය ගිය ගණන 5444ක් ලෙස සටහන් වෙලා තිබුණා.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ ඉන්දියාව දැඩිව පීඩාවට ලක් වුණු අතර මේ දක්වා කොරෝනා ආසාදිතයන් මිලියන 29.3ක් ද, මරණ 359,676ක් ද වාර්තා වෙලා තියෙනවා.  

ගෙවී ගිය පැය 24ක කාලය තුළ පමණ් රෝගීන් 94,052ක් වාර්තා වෙලා, කොහොම වුණත් මෙය පසුගිය කාලය සාපේක්ෂව අඩු අගයක් බවට දැකගන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?