ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී

ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය “තාපය පසු පස හඹා යන මිසයිලයක්” ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා. එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේ.

පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic_Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැකලමින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.

– neth

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?