ලොහාන් හා බිරිඳට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ හට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

අද (05) පෙරවරුවේ ඔවුන් දෙදෙනාට ඇප ලබා දී ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

සැකකරුවන් දෙදෙනාට ම රුපියල් 25,000ක මුදල් ඇප දෙකක් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කළ අතර ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවුණා.

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම පිළිබඳ ව යළිත් වරක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

දෙසැම්බර් මස 02 වැනි දින ද එම ඇප ඉල්ලීම කැඳවූ අතර එහිදී නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය ඇප ඉල්ලීම එදින යළිත් වරක් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අද (06) දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයා ගැනුණා.

ඒ අනුව මිරිහාන පොලිසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොට දී, මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

එවන් පසුබිමක් යටතේදියි; රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගැනුණේ.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත්භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මිය නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අනතුරුව නොවැම්බර් 07 වැනිදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරුවන් යළි නොවැම්බර් 18 දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි.

නොවැම්බර් 18 වැනිදා නියෝග කළේ යළි දෙසැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

ඒ අනුව සැකකරුවන් එදින (02) පෙරවරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් වෙනුවෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දැක්වූ නීතීඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයින්ට එරෙහිව ගොනුකර ඇත්තේ මෝටර් රථ වාහන පනතේ වැරදි පමණක් වන බැවින් එම චෝදනාවලට ඇප ලබාදිය හැකි බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ සැකකාර ශෂී ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාරගත කිරීමට නියෝග කළා.

ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා (05) හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

එමෙන්ම තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ලොහාන් රත්වත්තේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ද දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිත ව තිබෙනවා.

බන්ධනාගාරගත ව සිටි ලොහාන් රත්වත්තේ මහතා හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට බන්ධනාගාර රැකවරණය යටතේ මාරු කළ අතර ඔහුට වැළඳී ඇති රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන දෙසැම්බර් 09 වැනිදාට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

එවන් පසුබිමක් යටතේ දියි අද පෙරවරුවේ ඇප ඉල්ලීම සලකා බලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම ඇපදීම සිදු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29