යුරෝපීය සංගමය සහ දකුණු ඇමරිකානු රටවල මර්කොසූර් කණ්ඩායම අතර නිදහස් වෙළඳ ගිවිසුමකට ඊයේ (17) අත්සන් තැබුවා.
පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් අගනුවර දී මෙම ගිවිසුමට අත්සන් තැබු අතර, පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් අගනුවරදී අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කෙරෙනවා.
ඇමරිකානු තීරුබදු සහ චීන අපනයන ඉහළ යන යුගයක යුරෝපා සංගමයට ප්‍රධාන භූ දේශපාලනික ජයග්‍රහණයක් මෙම ගිවිසුම අත්සන් කිරීම තුළ සනිටුහන් කෙරෙනු ඇති.
මෙම මෙම ගිවිසුම සඳහා 999 වසරේ දී සාකච්ඡා ආරම්භ වූ අතර, එතැන් සිට වසර 25ක් පුරා විවිධ දේශපාලනික සහ පාරිසරික ගැටලු හේතුවෙන් ප්‍රමාද වූ මෙම ගිවිසුම අවසානයේ අත්සන් තැබීම ජාත්‍යන්තර වෙළඳාමේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.



