ලොව පැරණිතම වෘත්තියේ නියැලෙන්න සිටි 04ක් කළමනාකාරියත් සමඟ අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පෑලියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය ප්‍රදේශයේ දී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (08) රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම වැටලීමේ දී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ පොලිසිය ගණිකා සේවයේ යෙදී සිටීමට රැදී සිටි සැකකාරියන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25ත් 40ත් අතර වයස්වල පසුවන වැල්ලවත්ත, කිරිමැටියාව, හොරණ, කඩවත හා මීගමුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
6
+1
2
+1
8
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?