AFC Banner
AFC Banner
Empty Ad

ලොව දකුණු අර්ධයෙහි ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට BRICS මනා වේදිකාවක් – ඉන්දීය අගමැති

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ එකමුතුවෙන් පිහිටුවා ඇති BRICS සංවිධානය ලොව දකුණු අර්ධයෙහි පිහිටි සමස්ත රටවල් සඳහා වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ වේදිකාවක් ලෙස සේවය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම සංවිධානය විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යාය පත්‍රයක් පෝෂණය කිරීමෙහි සක්‍රියව නියැලී සිටින බවයි.

“BRICS විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. සංවර්ධන අවශ්‍යතා සහ බහුපාර්ශ්වික පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඇතුළුව සමස්ත ගෝලීය දකුණ සඳහාම සැලකිලිමත් වන ගැටළුලු පිළිබඳ සාකච්ඡා කිරීමට BRICS වේදිකාවක් වීම අපි අගය කරනවා,” යැයි ඉන්දීය අගමැතිවරයා පවසනවා.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාගේ ආරාධනයකට අනුව 15 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි එරටට පැමිණි අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළා.

5 වන බ්‍රික්ස් සමුළුව පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසාගේ සභාපතිත්වය යටතේයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජොහැන්නස්බර්ග් හි රැඳී සිටි කාලය තුළ, BRICS සමුළුවේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස පැවැත්වෙන BRICS-Africa Outreach සහ BRICS Plus සංවාද උත්සවවලට ද සහභාගී වුණා.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අඛණ්ඩව වසර තුනක් BRICS සමුළුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති අතර ඒ අනුව මෙය එම කාලසීමාවෙන් පසු රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති පළමු සමුළුවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 15 වැනි බ්‍රික්ස් සමුළුවට විඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර රුසියානු නියෝජිත පිරිස විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් මෙහෙයවනු ලැබුවා. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ඔහු ග්‍රීසිය බලා පිටත්ව ගියේ වසර 40කට පසු ග්‍රීසියේ සංචාරය කරන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවය හිමි කරගනිමින්.

ග්‍රීසියේ සිදුකරන සංචාරය මගින් දෙරට අතර බහුවිධ සම්බන්ධතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?