ලොව දකුණු අර්ධයෙහි ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට BRICS මනා වේදිකාවක් – ඉන්දීය අගමැති

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ එකමුතුවෙන් පිහිටුවා ඇති BRICS සංවිධානය ලොව දකුණු අර්ධයෙහි පිහිටි සමස්ත රටවල් සඳහා වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ වේදිකාවක් ලෙස සේවය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම සංවිධානය විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යාය පත්‍රයක් පෝෂණය කිරීමෙහි සක්‍රියව නියැලී සිටින බවයි.

“BRICS විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. සංවර්ධන අවශ්‍යතා සහ බහුපාර්ශ්වික පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඇතුළුව සමස්ත ගෝලීය දකුණ සඳහාම සැලකිලිමත් වන ගැටළුලු පිළිබඳ සාකච්ඡා කිරීමට BRICS වේදිකාවක් වීම අපි අගය කරනවා,” යැයි ඉන්දීය අගමැතිවරයා පවසනවා.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාගේ ආරාධනයකට අනුව 15 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි එරටට පැමිණි අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළා.

5 වන බ්‍රික්ස් සමුළුව පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසාගේ සභාපතිත්වය යටතේයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජොහැන්නස්බර්ග් හි රැඳී සිටි කාලය තුළ, BRICS සමුළුවේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස පැවැත්වෙන BRICS-Africa Outreach සහ BRICS Plus සංවාද උත්සවවලට ද සහභාගී වුණා.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අඛණ්ඩව වසර තුනක් BRICS සමුළුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති අතර ඒ අනුව මෙය එම කාලසීමාවෙන් පසු රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති පළමු සමුළුවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 15 වැනි බ්‍රික්ස් සමුළුවට විඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර රුසියානු නියෝජිත පිරිස විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් මෙහෙයවනු ලැබුවා. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ඔහු ග්‍රීසිය බලා පිටත්ව ගියේ වසර 40කට පසු ග්‍රීසියේ සංචාරය කරන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවය හිමි කරගනිමින්.

ග්‍රීසියේ සිදුකරන සංචාරය මගින් දෙරට අතර බහුවිධ සම්බන්ධතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?