ලොවට ම සුබ පතා අමෙරිකාවේ උසම ගොඩනැගිලිවල දීපාවලි සැමරුම්

අමෙරිකාවේ නිව් යෝර්ක් හි ‘ ටයිම්ස් චතුරස්‍රය’ අද (31) දින ලොව පුරා බැතිමතුන් සමරන දීපාවලි උත්සවය වෙනුවෙන් අති උත්සවශ්‍රීයෙන් සරසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; ටයිම්ස් චතුරස්‍රය ඉන්දීය සංස්කෘතික ලක්ෂණවලට මුල්තැන දෙමින් විදුලි පහන්වලින් ඒකාලෝක කිරීමට පියවර ගෙන ඇති බවයි.

එම චතුරස්‍රය ලොව පුරා වෙසෙන හින්දු සහ දීපාවලි සමරන බැතිමතුන් වෙනුවෙන් සිය සුබ පැතුම් ගෙන ඒම සඳහායි මෙලෙස සරසා ඇත්තේ.

අමෙරිකාවේ පිහිටි මෙම ටයිම්ස් චතුරස්‍රය ලෝකයේ ප්‍රධානතම සන්ධිස්ථානයක් වන්නේ ආර්ථික මර්මස්ථානයක් වන බැවින්.

ඉන්දීය ජනතාව සේම හින්දු ආගම අදහන ජනතාව නිව් යෝර්ක් හි වැඩි වශයෙන් ජීවත් වනවා.

ටයිම්ස් චතුරශ්‍රයේ දීපාවලි සැමරුම් කරමින් සඳහන් කර ඇත්තේ; ආලෝකයේ මංගල්‍යය සැම දෙනාගේ හදවත් ප්‍රීතියෙන්, බලාපොරොත්තුවෙන් සහ සෞභාග්‍යයෙන් පුරවා සාමයේ සහ එකමුතුකමේ මාවත් ආලෝකවත් වේවා ! යනුවෙන්.

මීට අමතරව අමෙරිකාවේ උසම ගොඩනැගිල්ලක් වන අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ද දීපාවලි සැමරුම්වලින් සරසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30