ලොවක් කම්පාකරමින් තවත් දරුවෙක් ළිං කුහරයක් තුළ අවසන් හුස්ම හෙළයි

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගම්මානයක අඩි 400ක් ගැඹුරු නළ ළිඳකට වැටී එහි අඩි 55ක සීමාවේ සිරව සිටි 8 හැවිරිදි පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.

සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව දරුවා එම ළිඳෙන් පිටතට ගැනීමෙන් පසුවයි මෙලෙස ඔහු මියගොස් තිබුණේ.

දරුවා නළ ළිඳට වැටී පැයක් තුළ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද දින හතරක් පමණ යන තුරු ඔහුව පිටතට ගැනීමට හැකිව තිබුණේ නැහැ.ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?