AFC Banner
Empty Ad
Empty Ad

ලොරියක් ට්‍රැක්ටර‍යක ගැටී තරුණයෙක් මරුට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් ප්‍රදේශයේ ඊයේ(25) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, බට්ටා වර්ගයේ ලොරි රථයක් ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බට්ටා වර්ගයේ ලොරි රථයේ ගමන්ගත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රවීන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

422435997 1140246520273692 1174591352832620475 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?