”ලොතරැයි අලෙවිය නගා සිටුවීමට වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවුණා” – හිටපු නි.ඇමති සරණ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද (19) කැඳවනු ලැබුවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා.

මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධ විත්ති කුඩුවේ සිට අධිකරණයට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

එහිදී සරණ ගුණවර්ධන ප්‍රකාශ කළේ යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් එම වකවානුවේ ලොතරැයි අලෙවිය පහත වැටී තිබූ බවයි.

ලොතරැයි අලෙවිය නගා සිටුවීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවූ බවත් ඒ සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙම ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවක් සිදු නොවූ බවත් ඔහු පවසා සිටියා.

ඉන් අනතුරුව එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවීමට නියෝග කළා.

මේ අතර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් දෙසැම්බර් මස 16 වැනි දා කැඳවීමටද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49