ලොකු ෂෝ නැතුව නිහඬව සමරන එක තමයි හොඳම රිදවීම

ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන 20 – 20 තරගයේ ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජය සැමරීමට අපූරු ක්‍රමයක් භාවිතා කළ ආකාරය ඔබට මතක ඇති.

මීට මාස කිහිපයකට පෙර එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය විසින් ඇන්ජලෝ මැතිවුස්ව ටයිම් අවුට් ආකාරයට දවා ගැනීම මතකයට නංවමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් විසින් අතේ බැඳි ඔරලෝසුවක් පෙන්වන ආකාරයක් එහිදී දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර කළක සිට අළුයට ගිනි මෙන් තිබෙන නිමා නොවන විරසකයේ තවත් දිගුවක්, බංග්ලාදේශය මෙම තරගාවලියේම එක්දින කුසලානය ලබාගනිද්දී සිදු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20 – 20 තරගාවලිය අවසානයේ කුසලානය ලබාගනිද්දී, ටයිම් අවුට් නිරූපණය කරමින් බංග්ලාදේශයට කළ උපහාසයට ප්‍රති පිළිතුරක් අවස්ථාවේදී මුෂ්ෆිකර් රහීම් දැක්වුවා.

මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයන් කුසලානය සමග සමූහ ඡායාරූපය ලබාගනිද්දී, මුෂ්ෆිකර් රහීම් නිමා වූ එක්දින ලෝක කුසලානයේදී මැතිව්ස්ට මුහුණදීමට සිදු වූ ටයිම් අවුට් සිදුවීම මහත් හාස්‍යයෙන් නිරූපණය කළා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවති සම්පූර්ණ තරග සංචාරය අද (03) දින අවසන් වුණේ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්.

අද දිනයේදී පසුගිය එක්දින තරගාවලිය අවසානයේදී බංග්ලාදේශය සිදුකළ ප්‍රතිචාර දැක්වීමට ප්‍රති පිළිතුරක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කුසලානය ලබාගන්නා අවස්ථාවේදී සිදුකරනු ඇතැයි බොහෝ ක්‍රීඩාලෝලීන් විශ්වාස කළා.

නමුත්, කිසිදු විශේෂත්වයක් නොකරමින් සිය ජයග්‍රහණය නිහඬව සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) දින සමත්වුණේ බංග්ලාදේශයට එය හොඳම රිදවීමක් බවට හඟවමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
15
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?