ලොකු අම්මාගේ හුටපටයකට පැටලී සිටි ඩෑන් ප්‍රියසාද් එම නඩුවෙන් ඇප මත නිදහස්

ලොකු අම්මා සමග ආරවුලක් ඇති කරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (13) නියෝග කළා.

වරෙන්තු ලබා සිටි සැකකාර මව වන සුජීවා නිර්මලී කලංසූරිය වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඩෑන් ප්‍රියසාද් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තියේ ප්‍රකාරව සාමය කඩවන අයුරුන් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඩෑන්ගේ ලොකු අම්මා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ද සැකකරුවන් දෙදෙනාම වරෙන්තු ලබා සිටි බව ද පොලිසිය පැවසුවා.

කරුණක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්න ලෙසට නියෝග කළා.

විමර්ශන ප්‍රගතිය අගෝස්තු 28 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.

ඩෑන් ප්‍රියසාද් සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පොලීසිය විසින් පසුගිය උදෑසන (11) අත්අඩංගුවට ගෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?