ලොකු අම්මාගේ හුටපටයකට පැටලී සිටි ඩෑන් ප්‍රියසාද් එම නඩුවෙන් ඇප මත නිදහස්

ලොකු අම්මා සමග ආරවුලක් ඇති කරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (13) නියෝග කළා.

වරෙන්තු ලබා සිටි සැකකාර මව වන සුජීවා නිර්මලී කලංසූරිය වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඩෑන් ප්‍රියසාද් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තියේ ප්‍රකාරව සාමය කඩවන අයුරුන් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඩෑන්ගේ ලොකු අම්මා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ද සැකකරුවන් දෙදෙනාම වරෙන්තු ලබා සිටි බව ද පොලිසිය පැවසුවා.

කරුණක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්න ලෙසට නියෝග කළා.

විමර්ශන ප්‍රගතිය අගෝස්තු 28 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.

ඩෑන් ප්‍රියසාද් සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පොලීසිය විසින් පසුගිය උදෑසන (11) අත්අඩංගුවට ගෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34