AFC Banner
Empty Ad
Empty Ad

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාව ලබාදිය යුතු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු වු ලිදුල පොලිස් වසමට අයත් සෙන් කුම්බ්ස් වතු යායේ ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් සහ එම ප්‍රදේශවල පදිංචිකරුවන් අතුරු මාර්ග ඔස්සේ ප්‍රධාන නගරවලට පිවිසෙන බව ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ලිදුල පොලිසියේ නිලධාරින් විසින් ආරක්ෂාව තර කර ඇතත්, එම වතු යාය තුල පිහිටි අතුරු මාර්ග ඔස්සේ හුදකලා කර ඇති ප්‍රදේශවල වතු කම්කරුවන් තලවකැලේ නගරය ඇතුළු ප්‍රධාන නගර වලට පිවිසෙන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවයි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

පොලිස් ආරක්ෂාවට අමතරව හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාවද ලබාදෙන ලෙස තමන් ඉල්ලිමක් කල බව ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි (319 – L) ග්‍රාමසේවා වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යාය සහ හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් (319-I) ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යායට සංචරණ සිමා පනවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?