ලේක් හවුස් ආයතන පිහිටි ගොඩනැගිල්ල විකුණා දැමීමක් හෝ හෝටල් සංකීර්ණයකට පැවරීමක් සිදුකරන බවට පුවතක් පසුගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අද (02) පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අවධානයට ලක් වුණා.
එහිදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසා සිටියේ එවැනි කටයුත්තක් සිදුකිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් සිදුවූවා ද, එවැනි සූදානමක් පවතින්නේ ද යන්නයි.
එවැනි කටයුත්තක් සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා නොවූ බවත්, එවැනි තීරණයක් ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඊට පිළිතුරු දෙමින් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.