ලෙඩා ගිලන් රථයේ දාලා රියැදුරුයි උපස්ථායකයි රවුම් ගහලා


යාපනයේ තෙලිප්පලෙයි රෝහලට අයත් ගිලන් රථයක රියැදුරු හා උපස්ථායකයා රෝගීන් තුන්දෙනකු ගිලන් රථයේ දමා පෞද්ගලික කාර්යයන් සඳහා ගොස් පැයකට පමණ පසුව පැමිණීම සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය 7 වැනිදා පරීක්ෂණ ආරම්හ කර තිබේ.

පිරිමි රෝගියකු හා කාන්තා රෝගීන් දෙදෙනකු තෙලිප්පලෙයි රෝහලේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සඳහා ගිලන් රථයක් යොදවා ඇති අතර එහි රියැදුරු අතරමග ගිලන් රථය නවතා දිවා ආහාරය ගැනීමට හෝටලයකට ගොස් තිබේ.

රියැදුරු පැමිණීමට ප්‍රමාද වූ නිසා ගිලන් රථයේ සිටි උපස්ථායකයා බැංකුවට ගොස් මුදල් ලබා ගෙන භාණ්ඩ මිලට ගැනීමට වෙළෙඳ සලකට ගොස් තිබේ.

රියැදුරු පැමිණ බලන විට උපස්ථායකයා නොමැති නිසා ඔහු එනතුරු ගිලන් රථය මාර්ගයක් අසල නවතා පැයක පමණ කාලයක් රැඳී සිට තිබේ.

අධික අව් රශ්මිය නිසා පිරිමි රෝගියාට ගිලන් රථය තුළ සිටීමට නොහැකි බව පවසා ඔහු ආයාසයෙන් එළියට පැමිණ මාර්ගය අසල වූ ගසක් යටට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ක්ලාන්තව බිම ඇද වැටී තිබේ.

මහමග ගිය පිරිසක් ඔහු යළි ගිලන් රථයට පටවා සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිලි කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08