ලෙජන්ඩ්ස් ලීග් පළමු ජය ඉන්දීය කණ්ඩායමට – මුරලිගේ සුපිරි පන්දු රැකීමක්

ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ආසියානු කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කරගනු ලැබීය.

මෙම තරගයේ තරඟ තීරකවරිය ලෙස Shandre Fritz කටයුතු කළ අතර විනිසුරුවරියන් ලෙස Shubhda Bhosle සහ Humaira Farah කටයුතු කළෝය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් උපුල් තරංග හයේ පහර දෙකක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 66ක් රැස්කළේ පන්දු 46කදීය.

මිස්බා ආසියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 44ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මන්ප්‍රිට් ගෝනි කඩුලු 3ක් දවාගනු ලැබීය.

ඉර්ෆාන් පතාන් කඩුලු දෙකක් දවාගත් අතර ස්ටුවර්ට් බිනී සහ මුනාෆ් පටෙල් කඩුලු 1 බැගින් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදී සුපිරි පිතිහරඹයක නියැලුණු යුසුෆ් පතාන් පන්දු 40කදී ලකුණු 80ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

අනතුරුව පිටියට පිවිසි ඔහුගේ සොහොයුරු ඉර්ෆාන් පතාන් ලකුණු 21ක් රැස්කිරීමට සමත්විය.

මොහමඩ් කයිෆ් නොදැවී ලකුණු 42ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ෂොයිබ් අක්තාර් සහ උමාර් ගුල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

මේ අතර බද්‍රිනාත්ගේ දුවද්දී දැවී යාමේ අවස්ථාව ඊයේ තරගයේ බොහෝදෙනෙකු අවධානයට ලක්විය.

එහිදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඩීප් මිඩෝෆ් කලාපයේ සිට යොමුකළ පන්දුව කෙලින්ම පිතිකරණ අන්තයේ කඩුල්ලේ වැදුනි.

එම අවස්ථාව පහතින්.

https://streamable.com/rbz7pl
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:30
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55


?