ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලයක්

මොනාලිසා ඇතුළු ලොව වටිනා ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් ඇති පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලයක් සිදුව තිබෙනවා.

වසර 200කට වඩා පැරණි මෙම කෞතුකාගාරය අද (19) උදෑසන විවෘත කරන අවස්ථාවේ දී මෙම මංකොල්ලය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ලූවර් කෞතුකාගාරය වසාදමා ඇති අතර, සිද්ධිය පිළිබඳව කෞතුකාගාරය තවමත් අදහස් දක්වා නැහැ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාරයෙන් ආභරණ සොරකම් කර ඇති බවයි.

මෙම සිදුවීමෙන් කිසිදු තුවාල ලැබූවකු වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචීඩා ඩාටි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?