AFC Banner
Empty Ad
Empty Ad

ලූවර් කෞතුකාගාරයේ ඇති මොනාලිසාට ප්‍රහාරයක්

පැරිස් අගනුවර ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විරෝධතාවක නියැලුණු දෙදෙනෙක් විසින් මෙලෙස සිතුවමට සුප් බඳුන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

සිතුවමට ඉදිරියෙන් සවිකර ඇති අධි ආරක්ෂිත වීදුරුව හේතුවෙන් එයට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිපෝස්ට් අලිමෙන්ටෙයාර් (Food Counterattack) නම් කණ්ඩායමක් මෙම ප්‍රයෝගයේ වගකීම භාර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ කිසිඳු හේතුවක් මත මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?