ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් හමුදා සාමාජිකයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ලුණුවිල සහ වෙන්නපුව අතර ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යානයේ නියමුවා ලෙස කටයුතු කළ වින්ග්කමාන්ඩර් සියඹලාපිටියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානයේ නියමුවා ඇතුළුව පස්දෙනෙක් ගමන් කරමින් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් පසු එම පස්දෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටි ලුණුවිල සහ වෙන්නපුව ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
36
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?