ලීග් ක්‍රිකට්වලින් ඉවත් වූ බෲක් IPL තහනම ගැන මුල්වරට හඬ අවදි කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දු නායක හැරී බෲක්; ලීග් ක්‍රිකට් තරගාවලි (ෆ්‍රැන්චයිස් ක්‍රිකට්) සඳහා මින් ඉදිරියට ක්‍රීඩා නොකරන බව නිවේදනය කළා.

එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි බෲක් සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර හැරී බෲක්ට 2027 වසර දක්වා අයි.පී.එල් තරගාවලි තහනමක් පැනවීමට අයි.පී.එල් සංවිධායකයින් මිට පෙර තීරණය කර තිබුණා.

ඒ, මෙවර තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 6.2ක මුදලකට මිලදී ගෙන තිබූ මොහොතක තරගාවලියට එක් නොවන බවට දන්වා සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊට සාධාරණ හේතුවක් බෲක් විසින් ඉදිරිපත් කළ තිබුනේ නැහැ.

ඒ, හේතුවෙන් ඔහුට අයි.පී.එල් තහනමක් පැනවීමටයි මේ ආකාරයෙන් කටයුතු කර තිබුණේ.

මේ අතර මෙම අයි.පී.එල් තහනම පිළිබඳව හැරී බෲක් තම නිහඬතාවය බිඳ දමා තිබෙනවා.

බෲක් ඒ අනුව පවසා ඇත්තේ මෙම තහනම පිළිබඳව ඔවුන් තමන්ව දැනුම්වත් නොකළ බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඔවුන්ගේ නීති රීති අනුව මට තහනම් පැනවීම ගැන සාධාරණයි, නමුත් මම එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා.” යනුවෙන්.

2025 IPL ආරම්භ වීමට පෙර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නව රීතියක් හඳුන්වා දුන් අතර, එහිදී ක්‍රීඩකයෙකු වෙන්දේසියෙන් තෝරා ගැනීමෙන් පසු අවසාන මොහොතේ ඉවත් වුවහොත් වසර දෙකක කාලයක් තරග තහනම් වීමේ අවදානමක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?