AFC Banner
AFC Banner
Empty Ad

ලිට්‍රෝ සමාගමින් ගෑස් පෝලිමේ ඉන්න ජනතාවට සුබ පුවතක්

දිවයිනේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 07 ක මුදලක් හෙට දිනයේදී ගෙවීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි වත්මන් සභාපතිවරයා වන විජිත හේරත් මහතා කියාසිටියේ එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වනු ඇති බවයි.

කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සමාගම සතුව මේ වන විට ඉදිරි දින 06 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවටත්ත් අද දිනයේ සිට සිලින්ඩර අසූ දහසක ප්‍රමානයක් වෙළඳපොලට සපයන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කලා.

එම බෙදා හැරෙන සිලින්ඩර අසූ දහසින් , පනහස් දහසක් කෝප් කමිටුවේ නිර්දේශ මත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට සපයන බවත් සභාපතිවරයා මෙහිදී මාධ්‍යයට කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?