ලිංගික සම්බන්ධතාවයන් පිළිබද පනත රිවස් කරපු හැටි සජිත් කියයි

කාන්තාවන්ට සහ දැරියන්ට බලපාන ප්‍රබල නීති රැසක් සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් උත්සහ ගනු ලැබුවද විපක්ෂය එයට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් අදාළ පනත ඉවත්කර ගැනීමට සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් එල්ල වුවද තමන් එලෙස කතා කරනුයේ පුද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවයි විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කළේ.

රජය, දැරියන් ලිංගික ක්‍රියාදාමවලදී කටයුතු කිරීමේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කළ බවත් කාන්තාවට අතවර කරනු ලබන පිරිමි පුද්ගලයන් අවුරුදු 22ට අඩු නම් දඩුවම ලිහිල් කිරීමටත් මෙම නව නීති මගින් කටයුතු කර ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කළා.

එමෙන්ම විවිධ අවස්ථාවල අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශ්වයට සිදුවන අතවර යන නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය සුදානම්වූ බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

මේ සම්න්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ නැගි හඬ හේතුවෙන් කාන්තාවන් , දැරියන් කෙලෙසන මෙම නීති රීති ඉල්ලා අස් කර ගත් බවත් මෙය සමස්ත කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) දින ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?