AFC Banner
Empty Ad

ලිංගික ක්‍රියා සඳහා දැරියව අලෙවි කිරීමට දැන්වීම පළ කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ වෙබ් අඩවියේ හිමිකරුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය මගින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම සැකකරුවන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සහ සැකකාරියන් 26 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර සැකකාරියන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය පවසයි.

තවත් පුද්ගලයින් 16 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?