Empty Ad
AFC Banner
Empty Ad

ලිංගික අපරාධ තුරන් කිරීමට දකුණු කොරියාවෙන් අලුත් වෑයමක්

තරුණියන් ඉලක්ක කර ගනිමින් ගැඹුරු ව්‍යාජ කාමුක දර්ශන ගලා ඒම මධ්‍යයේ, රටේ ඩිජිටල් ලිංගික අපරාධ වසංගතය “මුලිනුපුටා දැමීමට” වැඩි යමක් කරන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එරට බලධාරීන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෑතක දී ඇතැම් බාලවයස්කාර ගැහැනු ළමයින් ඇතුළුව අසභ්‍ය රූප නිර්මාණය කර බෙදා හදා ගන්නා චැට් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් ඩීප්ෆේක් ජනනය වන අතර බොහෝ විට සැබෑ පුද්ගලයෙකුගේ මුහුණ ව්‍යාජ ශරීරයක් සමඟ ඒකාබද්ධ කිරීම මෙම කාලවකවානුව තුළ ප්‍රචලිත වීම හේතුවෙන් එරට ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම හේතුවෙන් දකුණු කොරියාවේ මාධ්‍ය නියාමකවරයා හදිසි රැස්වීමක් ද පවත්වා තිබෙනවා.

අධික වර්ෂාවෙන් සුඩානයේ මියගිය සංඛ්‍යාව ඉහළ ට

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත 10කට බලපා ඇති අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (28) ප්‍රකාශ කළා.

“මුළු මරණ සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 129,650 කට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් 31,666 ක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගෝස්තු 17වන දින සුඩානයේ සෞඛ්‍ය අමාත්‍ය හයිතම් මොහොමඩ් ඊබ්‍රහිම් රට තුළ කොලරාව පැතිර යන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත පහක නව රෝගීන් 102ක් සහ කොලරාවේ නව මරණ පහක් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නවතම දත්ත වලට අනුව, මිලියන 10.7 ක ජනතාවක් මේ වනවිට සුඩානයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටින බවයි තවදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?