AFC Banner
AFC Banner
Empty Ad

ලිංගික අපයෝජනයකට ලක් වූ 74 හැවිරිදි කතක් මරු දකී

කරන්දෙනිය, තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ 74 හැවිරිදි කාන්තාවක් සැක සහිත ලෙස මියයාම සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව හෙළිව තිබෙනවා.

මෙලෙස මිය ගොස් තිබුණේ, ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ස්වාමියා මියගිය පසුව තනිව ජීවත් වූ කාන්තාවක්.

අදාළ කාන්තාව පසුගිය 21වනදා සිය නිවස තුළ සිහිසුන්ව වැටී සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර ඇති අතර දින 04කට පසු ඇය මියගොස් තිබෙනවා.

දේහය පරීක්ෂාකළ වෛද්‍යවරුන් සිරුරේ සීරීම් සහ තුවාල නිරීක්ෂණය කර තිබුණා.

එහිදී ඇති වූ සැකය මත තවදුරටත් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කරන්දෙනිය පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මෙම පුද්ගලයා නිතර එම නිවසට ආ ගිය අයෙක් බවයි.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ‍ය ලබන 29 වනදා ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?