ලිංගික අපයෝජනයකට ලක් වූ 74 හැවිරිදි කතක් මරු දකී

කරන්දෙනිය, තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ 74 හැවිරිදි කාන්තාවක් සැක සහිත ලෙස මියයාම සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව හෙළිව තිබෙනවා.

මෙලෙස මිය ගොස් තිබුණේ, ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ස්වාමියා මියගිය පසුව තනිව ජීවත් වූ කාන්තාවක්.

අදාළ කාන්තාව පසුගිය 21වනදා සිය නිවස තුළ සිහිසුන්ව වැටී සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර ඇති අතර දින 04කට පසු ඇය මියගොස් තිබෙනවා.

දේහය පරීක්ෂාකළ වෛද්‍යවරුන් සිරුරේ සීරීම් සහ තුවාල නිරීක්ෂණය කර තිබුණා.

එහිදී ඇති වූ සැකය මත තවදුරටත් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කරන්දෙනිය පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මෙම පුද්ගලයා නිතර එම නිවසට ආ ගිය අයෙක් බවයි.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ‍ය ලබන 29 වනදා ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05