ලිංගික අතවරයක් සිදු කළ, සැකකාර වෛද්‍යවරයාව පෙරට්ටුවේදී හඳුනා ගනියි

මීගමුව, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සීදූව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වූ මීගමුව රෝහලේ සේවයේ නියුතු ව සිටි වෛද්‍යවරයාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.

එම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී එකී තරුණිය විසින් මෙම සැකකාර වෛද්‍යවරයාව හඳුනා ගැනුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඒ අනුව මෙම සැකකාර වෛද්‍යවරයාව මේ මස 20 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළේ.

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මෙම තරුණියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබුණේ, ඒ අවස්ථාවේ දී රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතුව සිටි මෙම සැකකාර වෛද්‍යවරයාගෙනි.

එහිදී එම තරුණියට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් තරුණියට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන එම සිදුවීම වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු 31 වැනිදායි.

ඒ අනුව පසුදින එනම් අප්‍රෙල් මස 01 වැනිදා මෙම තරුණිය විසින් මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

මෙම තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ 02කට ද පෙනී සිට ඇති අතර ඉන් එක් පරීක්ෂණයක් මීගමුවේ ද, අනෙක් පරීක්ෂණය කොළඹ දී ද සිදුකර තිබුණු බවයි පැවසුණේ.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව රෝහල් පාර්ශ්වයෙන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ද වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මෙම වෛද්‍යවරයාට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

දින 60 ක් එනම් මාස 02 ක පමණ කාලයක් සැකකාර වෛද්‍යවරයා පොලිසිය සහ අධිකරණය මඟහැර කට්ටි පනිමින් සිට ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

කෙසේ වුව ද පසුගිය 02 වැනිදා මෙම සැකකාර වෛද්‍යවරයා මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා.

ඒ අනුව එදින සිට දින 14 ක් හෙවත් සති 02 ක කාලයක් එම වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

වෛද්‍යවරයාව හඳුනා ගැනීමේ පෙරටුවකට පසුගිය 16 වැනි දින ඉදිරිපත් කර තිබුණු අතර එම පෙරට්ටුවේදී එම තරුණිය විසින් මෙම වෛද්‍යවරයාව හඳුනාගත් අතර ඔහුව 20 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය විසින් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22