ලැබුණු කණ්ඩායම ගැන සතුටින් නවසීලන්තයට යෑමට පෙර දිමුත් කී කතාව

නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් තමන්ට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්ත බලා පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව සඳහන් කළා.

ලෝක ටෙස්ට් ලෝක ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඇතිව නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ජයගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ අරමුණ බවයි දිමුත් එහිදී ප්‍රකාශ කර සිටියේ.

මේ අතර මේ දිනවල එංගලන්ත තරගාවලිය තුළ ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම තරමක් පසුබෑමට ලක්ව ඇති බව සඳහන් කළ දිමුත් එමඟින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පන්නරයක් ගත හැකි බවයි පැවසුවේ.

එමෙන්ම තරගාවලියට පිටත්ව යෑමට පෙර රදැල්ල ක්‍රීඩාංගණයේ පැවැත් වූ පුහුණු සැසිය ප්‍රබල පිටුවහලක් වනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

නවසීලන්තය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?