AFC Banner
AFC Banner
Empty Ad

ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව වෙළඳපොළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

අද (05) දිනයේ සිට එම සමාගම වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ අතර එම සමාගම නිවේදනය කළේ ගෑස් මිලේ මිල වැඩි කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් වෙළඳපොළේ අද කළ සොයා බැලීමකදී දැක ගැනීමට හැකි වුණේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මුදලකට සහ කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 2740ක මුදලකට අලෙවි වන බවයි.

මේ අතර ලිට්රෝ සමාගම මඟින් වෙළඳපොළට නිකුත්කරන 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 5175 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?