AFC Banner
Empty Ad
Empty Ad

ලාංකික සංචාරකයින් ඇතුලු රටවල් 16කට සංචාරක තහනමක්

මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ හොංකොං රාජ්‍යය එරටට ඇතුළු වන රටවල් 16ක සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබෙනවා.

ඒ එරට තුළ මතුවිය හැකි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස ව්‍යාප්තියක් පිළිබඳ අවදානම පහකරගැනීම සඳහා යි.

මේ අනුව ශ්‍රී ලංකාව මැදි අවදානම් තත්ත්වයේ සිට දැඩි අවදානම් තත්ත්වය දක්වා ශ්‍රේණිගත කර ඇති අතර එරට සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී මෙම සීමාවන් අදාල වනු ඇති.

මෙම නව නිර්ණායක අනුව හොංකොං රාජ්‍යය නම් කර ඇති රටවල් 16න් එරටට ඇතුළු වන සංචාරකයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු වන අතර දින 21ක නිරෝධායන කාලයකට ද යටත් විය යුතු වනවා.

එම රටවල් 16 වන්නේ මහා බ්‍රිතාන්‍යය, බංගලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, ටැන්සානියාව, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.

මේ අතර ඕස්ට්‍රේලියාව පහල අවදානම් මට්ටමේ සිට මැදි අවදානම් මට්ටම දක්වා ශ්‍රේණිගත කිරීමක් ද සිදු කර තිබෙනවා.

මෙම නව සංචාරක උපදෙස් සිකුරාදා සිට ක්‍රියාත්මක වන බවයි මැකාවු පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?